2020 ජුනි 27 වන සෙනසුරාදා

ලක්ෂ 30කට ඊ.පී.එෆ්.නෑ

 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 195

I ව්‍යාපාරික වාර්තාකරු

මෙරට ක්‍රියාත්මක අර්ධ රාජ්‍ය සමාගම් හා පෞද්ගලික ව්‍යාපාර 2,70,000 (දෙලක්ෂ හැත්තෑ දහසකින්) කින් ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. ප්‍රතිලාභ සේවකයන්ට ගෙවීම සඳහා ලියාපදිංචි වී ඇත්තේ ආයතන 70,000 (හැත්තෑ දහසක්) පමණක් බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා මහ බැංකු ආරංචි මාර්ග ප්‍රකාශ කරන ආකාරයට ලියාපදිංචි නැති සමාගම් ලක්ෂ දෙක මෙම ප්‍රතිලාභ ගෙවීමට ලියාපදිංචි කර නොගැනීම බලවත් වරදකි. මෙලෙස අදාළ ව්‍යාපාර හා සමාගම් ලියාපදිංචි නොවීමෙන් අසරණ වී සිටින සේවක සංඛ්‍යාව ලක්ෂ 30 ක් පමණ වන බව මහ බැංකු ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි. එයත් බහුතර සේවක සංඛ්‍යාවක් නියෝජනය කරන්නේ ජාතික ආර්ථිකයේ අවිධිමත් අංශයයි. එම සංඛ්‍යාව ලක්ෂ 18 ක් හෙවත් අසාධාරණයට ලක්වූ සේවක සංඛ්‍යාවෙන් 60% කි.

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:01