2020 ජුනි 20 වන සෙනසුරාදා

සජිත්ලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටපතක් ගෝඨාභයටත්

 2020 ජුනි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 280

I ගයාන් ගාල්ලගේ

කෝවිඩ්වලින් පසු රට හදන ආකාරය පිළිබඳ විශේෂ ප්‍රතිපත්ති ප්‍රකාශයක් සමගි ජනබලවේගය විසින් එළඹෙන සතියේ රටට එළිදැක්වීමට නියමිතව තිබේ.

එම ප්‍රතිපත්ති ප්‍රකාශය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් රටට ඉදිරිපත් කරන බවත් එහි පිටපතක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ද ලබාදෙන බවත් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශ කමිටුවේ සමාජිකයෙක් පැවසීය.

කෙසේවෙතත් මහමැතිවරණ ප්‍රකාශය පසුගිය ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය මත ගොඩනැගෙන බවත් හෙතෙම සඳහන් කළේය.