I ව්‍යාපාරික වාර්තාකරු
ඉතා ඉක්මණින් කිරිපිටි මිල ගණන් ඉහළ දමන ලෙස කිරිපිටි ආනයන සමාගම් රජයෙන් ඉල්ලා තිබේ.
ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 100කින් පමණ ඉහළ දැමිය යුතු යැයි එම ඉල්ලීමේ වැඩිදුරටත් සඳහන්ය.
ඔවුන් මෙම ඉල්ලීම කර ඇත්තේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ කිරිපිටි මිල ගණන් ඉහළ යාම හා ඩොලරයේ අගය වැඩිවීම හේතුවක් ලෙස දක්වමිනි.
සාමාන්‍යයෙන් මෙරටට කිරිපිටි ආනයනය සඳහා (2019 සංඛ්‍යා දත්ත අනුව) වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 312ක් පමණ වැයවෙයි. එහෙත් පසුගිය වසරේ කිරිපිටි ආනයනය 6.1% පහත වැටී තිබූ බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව පවසයි.