I ව්‍යාපාරික වාර්තාකරු
කොරෝනා අනතුර ක්‍රම ක්‍රමයෙන් පහව යාමත් සමඟ මෙරට අපනයන ආදායම ඉහළ යමින් තිබෙන බව මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා දේශයට කීය.
ඒ අනුව දැනට විවෘත කර තිබෙන ඇඟළුම් කම්හල්වලින් කරන ලද අපනයන සඳහා මැයි මාසයේ ලද ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 610කි.
සාමාන්‍ය තත්ත්වය යටතේ ඇඟළුම් අපනයනයෙන් දළ වශයෙන් අප රටට මසකට ලැබෙන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 900ක් පමණය. කොරෝනා තත්ත්වය යටතේ මැයි මාසයේදී ඇඟළුම් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ඩොලර් මිලියන 610ක් ලැබීම යහපත් තත්ත්වයක් යැයි මුදල් අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් කීය.
දැනට දිවයිනේ ආයෝජන මණ්ඩල පහසුකම ලැබූ කම්හල් 1400ක් පමණ තිබේ. එයින් බොහොමයක් දැන් ක්‍රියාත්මක බවද වාර්තා වෙයි.