I හසිත් අංජන
මෙවර මහ මැතිවරණයේ මුළු වියදම අපේක්ෂිත ප්‍රමාණයට වඩා රුපියල් කෝටි 200කින් පමණ වැඩි විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා දේශයට කීය.
ඒ මහතා පැවසුවේ කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව මැතිවරණය පැවැත්වීම මෙසේ වියදම් ඉහළ යාමට හේතුව බවයි.
මැතිවරණ රාජකාරී කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන් වැඩි කිරීම ද මෙවර මහ මැතිවරණයේදී සිදුවනු ඇති බවත් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ක්‍රම කිහිපයක් ඔස්සේ සිදු කිරීමට සාකච්ඡා කරමින් පවතින බවත් ඔහු පැවසීය.
මැතිවරණය පැවැත්වීමට පෙර දිනයේ දී සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ඡන්ද මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමක්ද සිදු කිරීමට නියමිත බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.