දේශපාලන වාර්තාකරු l
රජයේ සම්මත නීතිමය ක්‍රියාපටිපාටිය අනුව ලියාපදිංචි කර නොමැති ලීසිං සමාගම් (කල්බදු සමාගම්) තහනම් කිරීමට රජය තීන්දු කර ඇත.
එවන් සමාගම් තහනම් කිරීමට අදාළ කැබිනට් යෝජනාව මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් ළඟදීම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
පසුගියදා මෙබඳු සමාගමකින් කල්බදු පහසුකම ලබාගත් ත්‍රිරෝද රථයකට සම්බන්ධ කතාබහක් දුරදිග ගොස් ස්වයංරැකියා නියුක්තිකයන්ගේ සංගම් සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කෙරිණි. එයට අදාළ කල්බදු සමාගමද නිසි ලෙස ලියාපදිංචි කර නැතැයි චෝදනා එල්ලවීමෙන් පසු මෙලෙස නීති විරෝධීව පවත්වාගෙන යන “ගොඩ ෆිනෑන්ස්” සමාගම් ලෙසින් හැඳින්වෙන ආයතන සම්බන්ධයෙන් දැඩි පියවර ගත යුතු යැයි රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරැන් රජයට යෝජනා කර තිබිණි.