I ගයාන් ගාල්ලගේ
එළඹෙන මහ මැතිවරණය සඳහා රාජකාරී කිරීමට පොලිස් නිලධාරීන් 75000කට ආසන්න පිරිසක් යෙදවීමට ශ්‍රී ලංකා පොලීසිය තීරණය කර ඇත.
ඒ අනුව එම පොලිස් නිලධාරීන් සඳහා රාජකාරී පැවරීමේ කටයුතු එළඹෙන සතියේ සිට ආරම්භ කරන බව එම වැඩ කටයුතු බාරව සිටින නිලධාරියෙක් පැවසීය.
එසේම කෝවිඩ් 19 වෛරසයට අදාළව පොලිස් නිලධාරීන් සඳහා ලබාදිය යුතු සෞඛ්‍ය උපමාන වාර්තාවක් පොලිසිය විසින් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කැඳවා ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.