ව්‍යාපාරික වාර්තාකරු I
ශ්‍රී ලංකා පකිස්ථාන නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ බාස්මතී සහල් බව කියමින් බදු නිදහස යටතේ මෙරටට ආනයනය කළ සහල් මෙට්‍රික්ටොන් 4000ක් දැනට වරායේ සිර වී ඇති බව වාර්තා වෙයි.
ආනයනකරු බදු නිදහස යටතේ ගෙන්වූ මෙම සහල් තොගය බාස්මතී බව කීවද බතලගොඩ වී පර්යේෂණායතනයේ විශේෂඥයන් ඒවා පරික්ෂා කොට ඒ සහල් බාස්මතී නොවන බව තහවුරු කර ඇත. එම නිසා අදාළ සහල් තොගය නිදහස් කිරීම අත්හිටුවා තිබේ. ඒ සමඟ මේ ගැන උනන්දු වන පාර්ශ්ව ගණනාවක් සහල් තොගය නිදහස් කරගැනීමට විවිධ උප්පවැට්ටි යොදමින් බලපෑම් එල්ල කරන බව රේගු ආරංචි මාර්ග කියයි.