2020 මැයි 16 වන සෙනසුරාදා

රාජිතට පී.සී.ආර් පරීක්ෂණයක්

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 228

සමන්ත ප්‍රදීප් I

දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට දින 21 කට පසුව කොවිඩ් 19 ෙෙවයිරසය ආසාදනය වී ඇත්දැයි සෙවීමට සිදුකරන පී.සී.ආර් පරීක්ෂණයට යොමුකිරීමට නියමිතව ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

අලුතින් බන්ධනාගාර ගතකිරීමට නියම කෙරෙන සෑම සිරකරුවකුම  පවතින වසංගත තත්ත්වය නිසා දින 21ක නිරෝධායනයට යොමුකරන බවත් අනතුරුව නියමිත බන්ධනාගාරයට යොමුකරන බවත් එම ප්‍රකශකයා වැඩිදුරටත් කීය. මේ අනූව රාජිත සේනාරත්න මහතා මීගමුව පල්ලන්සේන පිහිටි තරුණ වරදකරුවන් විශෝධන මධ්‍යස්ථානයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයේ රදවා සිටී.

මේ අතර කොළඹ මහාධිකරණයෙන් ඇප අවලංගු කෙරුණු හිටපු අමාත්‍යවරයා වහාම රෝහල් ගතවීමේ සූදානමක පසුවන බවද ඔහුට සමීප ආරචිමාර්ග ප්‍රකාශ කරයි.