2020 මැයි 16 වන සෙනසුරාදා

කොළඹ කොරෝනා කුඩ්ඩෝ කොටුවෙති

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 38

I ගයාන් ගාල්ලගේ

කොරෝනා රෝගය හේතුවෙන් දැඩි අවදානම් කලාපයක් බවට පත්ව තිබෙන බස්නාහිර පළාතේ මෙම රෝගය පැතිර වූ හෙරොයින් පානයට ඇබ්බැහි වූ පුද්ගලයන් 3361ක් පොලිස් විමර්ශනවලින් හඳුනාගනු ලැබ සිටිති.

මොවුන් තැනින් තැන ඇවිදිමින් කොරෝනා වෛසරය ව්‍යාප්ත කළ ආකාරයද විමර්ශනවලදී අනාවරණය කරගත් බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දේශයට පැවසීය.

මෙම පිරිසෙන් පොලිස් භාරයට ගත් 184 දෙනෙකු දැනටමත් ඔවුන්ගේ බාරකරුවන්ට භාරදී පොලිස් අධීක්ෂණය යටතේ නිවෙස්වලම රඳවා තබා ඇත.

මේ අයට අමතරව ආරක්ෂක අංශවල කිසිදු නියෝගයක් නොතකමින් අයාලේ යන තවත් පිරිසක් සිටින බැවින් ඔවුන් ඉක්මණින් පොලිස් භාරයට ගෙන පුනරුත්ථාපනය කිරීමට නියමිත බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය. කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ කොරෝනා පැතිරීමට ප්‍රධාන හේතුව හෙරොයින් පානය කරන්නන් බවද ඔහු සඳහන් කළේය.