2020 මැයි 16 වන සෙනසුරාදා

සෞඛ්‍ය අංශ බැහැ කියයි - මහමැතිවරණය යළි කල් යයි!

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 44

I හසිත් අංජන

මහමැතිවරණය පැවැත්වෙන දිනය තවදුරටත් කල් යනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.

එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවේ සෞඛ්‍ය බලධාරීන් සමඟ කොමිසම පැවැත්වූ සාකච්ඡාවේදීද දැන්ම මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් නැති බව සඳහන් වූ බවයි.

කෙසේ වෙතත් මීට පෙර මහමැතිවරණය ජූනි මස 20දා පැවැත්වීමට තීරණය කර තිබුණද මැතිවරණයේ අපේක්ෂකයන්ට ලබාදෙන මනාප අංක පසුගිය 15 වැනිදාට පෙර ලබාදිය යුතු ගැසට් නිවේදනය නිකුත් නොකිරීම නිසා ජූනි මස 20 දා මහමැතිවරණය පැවැත්වීමට බොහෝදුරට නොහැකි වනු ඇති බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.