ආණ්ඩුව කොරෝනා තොරතුරු සඟවනවා - මුජිබර් රහුමාන්
හසිත් අංජන I
කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය කිරීමේදී වත්මන් ආණ්ඩුව රෝගය පිළිබඳ ඇතැම් තොරතුරු ජනතාවට සඟවා ඇති බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා දේශයට පැවසීය. මුලසිටම ආණ්ඩුවට අවශ්‍ය වූයේ මැතිවරණය බවත් එබැවින් රෝගය පිළිබඳ සත්‍ය කාරණා ජනතාවගෙන් සඟවා කටයුතු කිරීමට ආණ්ඩුව කටයුතු කළ බවත් ඔහු කීය.
ආණ්ඩුවේ සිටින මැති ඇමැතිවරුන් බොහෝ දෙනෙක් කොරෝනා රෝගය පිළිබඳ කෙරෙන ප්‍රකාශ සහ සෞඛ්‍ය අංශ විසින් සිදුකරන ප්‍රකාශවල පරස්පරතා ඇති බවද හිටපු මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
සැඟවූ තොරතුරු සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්න - උදය ගම්මන්පිල
දේශපාලන වාර්තාකරු I
විපක්ෂයේ මැති ඇමැතිවරුන් ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමේ අරමුණින් රජය කොරෝනා රෝගීන් ගණන සහ මරණ ගණන සඟවන බවට පදනම් විරහිත ව්‍යාජ චෝදනා නගන්නට පටන්ගෙන ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ උදය ගම්මන්පිල මහතා දේශයට කීය.
මෙලෙස රජයට අභූත චෝදනා නගන්නට තමන් අභියෝග කරන්නේ කොරෝනා මරණ සහ රෝගීන් සංඛ්‍යාව මීට වඩා වැඩිනම් ඒ මියගිය අයගේ සහ රෝගීන්ගේ නම් ගම් හා ලිපිනයන් වහා ප්‍රකාශයට පත්කරන ලෙසය. එසේ ප්‍රකාශ කළහොත් රජය ඒ ගැන වහා සොයා සත්‍ය අසත්‍යතාව රටටම හෙළිදරව් කරන වගද හෙතෙම පැවසීය. එබඳු වගකිවයුතු දේශපාලනයක නොයෙදී තමන්ගේ කටට ආ පලියට රජය කොරෝනා මරණ සඟවනවා යැයි පදනම් විරහිත චෝදනා නැගීම විහිලුවට කරුණක් මේ ගැන මනා අවබෝධයක් ඇති බහුතර ජනතාව දන්නා බවත් ගම්මන්පිල මහතා කීය. රජය සාර්ථක ලෙස කොරෝනාව පාලනය කරගෙන යද්දී මෙබඳු බංකොලොත් දේශපාලන ප්‍රචාරවලින් වැළකී පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට එක්වන ලෙසද ඔහු ඉල්ලා සිටී.