2020 මැයි 09 වන සෙනසුරාදා

පාසල් විවෘත කිරීම වාර කිහිපයකට?

 2020 මැයි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 65

I දේශපාලන වාර්තාකරු

කොරෝනා අනතුර නොමැති දිවයිනේ පිට පළාත්වල ග්‍රාමීය පාසල් මුලින් විවෘත කිරීම ගැන රජයට යෝජනාවක් ඉදිරිපත්ව ඇත. පසුගියදා පළාත් ආණ්ඩුකාරවරුන් සහ අමාත්‍යංශ ලේකම්වරුන් අතර පැවති විශේෂ හමුවේදී ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකු විසින් මේ යෝජනාව ඉදිරිපත් කර තිබිණි.

පවත්නා තත්ත්වය යටතේ නගරාශ්‍රිත පාසල් කඩිනමින් විවෘත කළ නොහැකි බව මෙහිදී අවධාරණය කර ඇත. පියවරෙන් පියවර රටේ පාසල් පද්ධතිය විවෘත කළ යුතුය යන යෝජනාව ගෙන ආවේ ඉන්පසුවය. මේ බොහෝ පාසල්වල ළමුන් ඉතා අඩු සංඛ්‍යාවක් සිටින වගද ආණ්ඩුකාරවරු පැවසූහ. ඒ ගැන අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේ නගරවල පාසල් දරුවන්ටත් අසාධාරණයක් නොවන ලෙස මෙම කටයුත්ත සිදුකළ යුතු වගය. එලෙස මුල් වටයේදී විවෘත කළ හැකි පාසල්වල නාම ලේඛනයක් අධ්‍යාපන කලාප මට්ටමින් සකස් කර තමන් වෙත ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිවරයා එම යෝජනාව ගෙන ආ ආණ්ඩුකාරවරැනට දැන්වීය.