2020 මැයි 02 වන සෙනසුරාදා

රාජ්‍ය අමාත්‍යංශ ලේකම්ලා දිගටම

 2020 මැයි 02 වන සෙනසුරාදා, පෙ.ව. 05:59 31

I ගයාන් ගාල්ලගේ

රාජ්‍ය අමාත්‍යංශ සඳහා පත්කරනු ලැබූ ලේකම්වරුන්ගේ තනතුරු තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.

ඒ රජයේ වැඩකටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාමේ අරමුණින් බව සඳහන් වේ.

ඉදිරි දිනයක ඊට අදාළ කැබිනට් යෝජනාව ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිතව ඇත.