2020 මැයි 02 වන සෙනසුරාදා

අසූහයදාහක් පසුපස පොලිස් ඇස

 2020 මැයි 02 වන සෙනසුරාදා, පෙ.ව. 05:59 302

කොරෝනා වෛරසයට අදාළව මෙරට පුරවැසියන් 86,802ක් පොලීසියේ අධීක්ෂණය යටතේ ජීවත්වන බව පොලිස් තොරතුරු තාක්ෂණ හා මැතිවරණ අධ්‍යක්ෂ අශෝක ධර්මසේන මහතා දේශයට පැවසීය.

එම පිරිස අතර නිවාසවල නිරෝධායනය වන අය, නිරෝධායන මධ්‍යස්ථාන වල සිටිනා අය, සැක සහිතව රෝහල්වල අය, සුව වී පිටව යන අය, වෛරසය ආසාදිත අය වශයෙන් හඳුනාගෙන ඇති බව ඒ මහතා සඳහන් කළේය.

එම සියලුදෙනා සම්බන්ධයෙන් මූලස්ථානය තුළ පරිගණක දත්ත ගබඩාවක් ඇති බවත්, ඒ තුළ සියලු විස්තර ඇතුළත් බවත් හෙතෙම වැඩිදුරටත් කීය.

ගයාන් ගාල්ලගේ I

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00