2020 මැයි 02 වන සෙනසුරාදා

මැතිවරණ කොමිසම පක්ෂ ලේකම්වරුන් හමුවෙයි -

 2020 මැයි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 28

I හසිත් අංජන

මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර සාකච්ඡාවක් මැයි මස 2 වැනිදා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දේශයට පැවසීය.

ඉදිරි මහ මැතිවරණය කටයුතු පිළිබඳ දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමඟ මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතය.
මහ මැතිවරණය පැවැත්වීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ පූර්ණ නිර්දේශ අවශ්‍ය බව ඒ මහතා වැඩිදුරටත් කීය.