I හසිත් අංජන
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට ජූනි මස 20 දින නියමකර ඇතත් අවශ්‍යතාවක් පැන නැගුණහොත් එය වාර දෙකක් යටතේ පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවට බලය තිබෙන බව එම කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දේශයට පැවසීය.
මැතිවරණයට අදාළ තැපැල් ජන්ද පත්‍රිකා බෙදීම මස 04 වැනිදා ආරම්භ කරන බවත් එදිනම අපේක්ෂකයන් සඳහා මනාප අංක ලබාදීම සඳහා අවධානය යොමු වී ඇති බවත් ඒ මහතා කීය. කෙසේ වෙතත් මැයි මස 3 වැනිදා පවතින තත්ත්වය සමාලෝචනය කිරීමෙන් පසුව මැතිවරණය පවත්වනු ලබන ආකාරය පිළිබඳව දැනුම් දීමට නියමිතය.
මහ මැතිවරණය සඳහා වන වියදම බිලියන 07ක් බව මින් පෙර ගණන් බලා තිබුණද රට තුළ පවතින කොවිඩ් 19 තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ මගින් ලබාදෙන උපදෙස් පරිදි කටයුතු කළහොත් එම වියදම තවත් ඉහළ යා හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.