2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා

ශ්‍රේෂ්ඨාධිකරණය සඳුදා විවෘත වේ

 2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 58

සංජීවිකා සමරතුංග I

දැනට අප්‍රේල් නිවාඩුව සඳහා වසා ඇති ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණය ලබන 27 වැනි සඳුදා නැවත විවෘත කරන බව ශ්‍රේෂ්ඨාධිකරණ ආරංචි මාර්ග පවසයි.

පවතින කොරෝනා රෝග තත්ත්වය මධ්‍යයේ සීමිත සේවක සංඛ්‍යාවක් සම්බන්ධ කරගෙන අධිකරණ කටයුතු පවත්වාගෙන යාමට අධිකරණ සේවා කොමිෂන් සභාව සැලසුම් කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

දහවල් කාලයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන දිස්ත්‍රික්කවල දැනටමත් දිවා කාලයේ පහළ උසාවිවල කයුතු ආරම්භ කර තිබේ.