2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා

ඇඳිරි නීතිය අලුත් ක්‍රමයකට

 2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 440

ආරක්ෂක වාර්තාකරු I

ඉදිරි සතියේ බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන දිස්ත්‍රික්කවලත් පුත්තලම දිස්ත්‍රික්කියේත් ඇඳිරි නීතිය යටතේ සිමිත වෙළෙඳ කටයුතුවලට අවසර දීමට රජය තීන්දු කර ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි. අත්‍යවශ්‍ය වාණිජ කටයුතු මෙන්ම පුවත්පත් අලෙවිය ඇතුළු මහජන අවශ්‍යතා සපුරා ගැනීම පිණිස මෙම අවසරය දෙනු ලැබේ.

එහෙත් ජනතාව රැස්වී සිටීම තහනම් වන අතර අදාළ වෙළෙඳසලට පැමිණ නියමිත දුර තබාගෙන ගනුදෙනුකර අවශ්‍යතා සපුරා ගැනීමට පමණක් මෙයින් ඉඩ සැලසේ.

මෙම තත්ත්වය යටතේ ඇඳිරි නීතිය ඉවත් කිරීමක් සිදු නොවන නමුත් ආර්ථික කටයුතු යම් මට්ටමකට සක්‍රිය කිරීමට හැකිවන බැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය මගින් මෙම තීන්දුව ගෙන ඇත.