දේශපාලන වාර්තාකරු I
කොරෝනා රෝගය හඳුනාගැනීම සඳහා පවත්වන P.C.R. පරීක්ෂණයට හසුවන්නේ රෝගය ආසාදිත වූවන්ගෙන් 70%ක් පමණක් බව ශ්‍රී ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එනිසා ඉතිරි 30%ක් වන ආසාදිතයන් සමාජයේ නිරන්තයෙන් සැරිසරණ බැවින් රටේ පුද්ගලයන් ප්‍රසිද්ධියේ හැසිරීම (සංචරණය) 90% මට්ටමේ පවත්වාගෙන යා යුතු යැයි වෛද්‍ය සංගමය වැඩිදුරටත් කියයි.
මේ ගැන නිල නිවේදනයක් මගින් කරුණු පැහැදිලි කරන වෛද්‍ය සංගමය සඳහන් කර ඇත්තේ කොරෝනා රෝගය ආසාදනය වන තැනැත්තන්ගෙන් 20%ක්ම කිසිසේත්ම එකී රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බවය. එහෙත් ඔවුනට රෝගය පැතිරවීමේ හැකියාව ඇතැයිද වෛද්‍ය සංගමය ප්‍රකාශ කරයි.