2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා

රනිල්ගෙන් දෝෂාභියෝග කතාවක්

 2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 74

දේශපාලන වාර්තාකරු I

කොරෝනා රෝගයට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට දේශපාලන පක්ෂ නායකයන් සූදානම් විය යුතුයයි ඒ.ජා.ප. නායක හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස පළකළේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැඳවන ලද සර්වපාක්ෂික සමුළුවේදීය. දෙමළ සංධානයේ මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් හා මුස්ලිම් කොංග්‍රස නායක රවුෆ් හකීම් ආදීන් කොරෝනා ප්‍රශ්නය විසඳීමේ තීන්දු ගන්නට වහා මැතිසබයට කැඳවන ලෙස ඉල්ලා සිටියේය. එසේම කොරෝනා මර්දන වැඩසටහන් සඳහා රජය පාර්ලිමේන්තු අනුමැතිය නැතිව මුදල් වැයකිරීම නීතිවිරෝධී බවද සඳහන් කළේය. සුමන්තිරන් මන්ත්‍රීවරයා ඒ බව දැඩි ලෙස අවධාරණය කරනු ලැබීය. රජය වෙනුවෙන් ඊට පිළිතුරැ දුන් උදය ගම්මන්පිල, විමල් වීරවංශ ඇතුළු පක්ෂ නායකයන් ඔවුන්ගෙන ප්‍රශ්න කළේ විපක්ෂයේ නායකයන් මේ අර්බුදකාරී තත්ත්වය මැද මැතිසබය කැඳවන ලෙස කියන්නේ ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමටද නැතිනම් රජය එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමටද කියායි.

එම සංවාදයට මැදිහත් වූ හිටපු අග්‍රාමාත්‍යවරයා කීවේ දැන් කළ යුත්තේ රජයට දෝෂාභියෝග ගෙන ඒම නොව කොරෝනා රෝගයට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම බවය.

 

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:01