දේශපාලන වාර්තාකරු I
කොරෝනා රෝග නිරෝධායනයට ලක්ව දැනට නිවෙස් බලා යාමට අවසර දී තිබෙන 2000කට අධික පිරිස සිය නිවාසවලට ගිය පසු සෞඛ්‍ය හා වෛද්‍ය උපදෙස් මත ක්‍රියා කරන්නේදැයි විමසා බැලීමට විශේෂ පරිගණක “ඇප්” එකක් (යෙදවුමක්) හඳුන්වාදීමට රජය පියවර ගෙන තිබේ.
ඔවුන්ට නිශ්චිත දින ගණනාවක් යනතුරු නිවෙස්වලම රුඳී සිටින ලෙසත් අදාළ සෞඛ්‍ය හා සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය කරන ලෙසත් රජය දැනුම් දී තිබේ. ඒ අනුව නිරෝධායනයට ලක්වූ පිරිස් ක්‍රියා කරන්නේද යන්න විමසා බැලීමට මෙම පරිගණක “ඇප්” එක (යෙදවුම) උපයෝගී කරගන්නා බව කොරෝනා රෝග මර්දන කාර්යසාධන බලකායේ ප්‍රකාශකයෙක් දේශයට කීය. මෙම පරිගණක ඇප් එක (යෙදවුම) ඔවුන්ගේ ජංගම දුරකතනයට සම්බන්ධ කර අධීක්ෂණ කටයුතු කරන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය. ඊට අමතරව පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා ආරක්ෂක අංශ මගින්ද ඔවුන්ගේ හැසිරීම විමර්ශනය කෙරෙන බව දැනගන්නට ඇත.