දේශපාලන වාර්තාකරු l
ලෝකයේ කොරෝනා වසංගතය ව්‍යාප්ත වී ඇති රටවල් 12කින් කටුනායක ගුවන්තොටුපළ වෙත ගුවන් මගීන් පැමිණීම අත්හිටුවීමට රජය විසින් තීන්දුකර තිබේ. මෙම තීරණය සෙනසුරාදා සිට ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු රජයේ ඉහළ පෙළේ ප්‍රධානීන් සාකච්ඡා කොට තීරණය කළ බව වාර්තාවේ.
මෙලෙස වීසා අත්හිටුවා ඇති රටවල් වන්නේ ඉතාලිය, ප්‍රංශය, ඔස්ට්‍රියාව, දකුණු කොරියාව, ස්විට්සර්ලන්තය, ඉරානය, කටාරය, ස්පාඤ්ඤය, ජර්මනිය, ඩෙන්මාර්ක්, පින්ලන්තය නෙදර්ලන්තය ඇතුළු රටවල් 12කි.
මෙම රටවල් දැනට අධික වේගයෙන් කොරෝනා ව්‍යාප්ත වන රටවල් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කිරීමත් සමග රජය මෙම තීරණය කර තිබේ.