2020 මාර්තු 07 වන සෙනසුරාදා

මහ ඡන්දෙ පරාජිතයන්ට පළාත් ඡන්දේ බැහැ

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:29 244

I දේශපාලන වාර්තාකරු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් (පොහොට්ටුව) මහ මැතිවරණයට තරග කොට පරාජය වන කිසිවකුට ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා නාමයෝජනා ලබා නොදීමට පොහොට්ටුව පක්ෂ නායකයෝ තින්දු කරති.

ඔවුන් මෙම තීන්දුව ගත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පක්ෂ නායකයන් වෙත කරන ලද යෝජනාවක් අනුවය. පසුගිය අඟහරුවාදා රාත්‍රියේ පැවති පොහොට්ටුව පක්ෂ නායකයන්ගේ හමුවේදී ඒ ඒ පක්ෂවලට නාමයෝජනා ලබාදීම ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මහ මැතිවරණයට නාමයෝජනා ලබාගෙන එය ජයගත නොහැකි අයට අපේක්ෂකත්වය ලබා නොදීමට තීන්දු කළේ ජනප්‍රිය තරුණ අපේක්ෂකයන් පළාත් සභා මැතිවරණය සඳහා දිරිගන්වනු පිණිස බවද පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00