2020 මාර්තු 07 වන සෙනසුරාදා

රවීගෙ හංසයා සජිත් පිලට?

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 267

I ගයාන් ගාල්ලගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ ලාංජනය ලෙස හංසයා ලකුණ ලබාදෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ප්‍රධානී රවී කරුණානායක මහතා සජිත් පිලට නිල නොවන මට්ටමින් දැනුම් දී ඇතැයි සජිත් පිලේ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

ඒ අනුව කොන්දේසි විරහිතව හංසයා ලකුණ ලැබේ නම් එයින් තරග කිරීමට සිය කණ්ඩායම අකැමැත්තක් නැතැයිද හෙතෙම සඳහන් කළේය.කෙසේ වෙතත් යම් හෙයකින් එම ලාංජනය නොලැබුණොත් සමගි ජන බලවේගයට හිමි දුරකථනය ලකුණ හෝ තවත් ලකුණක් වන දියමන්තියෙන් තරග කරන බවද ඔහු වැඩිදුරටත් කීය.