2020 මාර්තු 07 වන සෙනසුරාදා

රනිල්-සජිත් දෙපිලේම නාමයෝජනා මණ්ඩල සාමාජිකත්වය දරන පිරිසක්

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 30

දේශපාලන වාර්තාකරු l

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් සුදුසු අපේක්ෂකයන් තෝරාගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය හා සමගි ජාතික බලවේගය විසින් පත්කර ඇති නාමයෝජනා මණ්ඩල දෙකම නියෝජනය කරන මැති ඇමැති පිරිසක් සිටින බව සිරිකොත ආරංචි මාර්ග කියයි.

රනිල් වික්‍රමසිංහ එ.ජා.ප. නායකවරයා පත්කර ඇති නාමයෝජනා මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සජිත් ප්‍රේමදාස - රන්ජිත් මද්දුමබණ්ඩාර සහ කබීර් හෂීම් යන මහත්වරැන් පත්කර ඇති අතර ඔවුන් සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජාතික බලවේගයේ ප්‍රධානීහු වෙති. ඒ අය සජිත් ප්‍රේමදාස මහතා විසින් සමගි ජාතික බලවේගය සඳහා සුදුසු අපේක්ෂකයන් තෝරාගැනීමට පත්කළ නාම යෝජනා මණ්ඩලයේද කටයුතු කිරීම විශේෂයකි. එම නාමයෝජනා මණ්ඩලය පසුගිය සිකුරාදා සිට සිය සන්ධානයෙන් අපේක්ෂකයන් තෝරාගැනීම පිණිස සම්මුඛ පරීක්ෂණ ආරම්භ කළේ යයි සන්ධාන මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට කීය. උතුරු පළාත හැර සෙසු සියලු පළාත් වෙනුවෙන් තම සන්ධානය අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින්නේ යැයිද ඔහු කීය.