I ජයන්ත සමරකෝන්
මරණ දඬුවම හා ජීවිතාන්ත සිර දඬුවම් නියම වූ 2000කට ආසන්න සිරකරුවන් පිරිසක් මේ වනවිට බන්ධනාගාර ගතව සිටිතියි එහි ආරංචි මාර්ග අනාවරණය කරයි.
මරණ දඬුවම නියම වූ 1200ක් ද ජීවිතාන්ත සිර දඬුවම් නියම වූ 735ක් ද මේ අතර වන බව පැවසේ. මෙයින් 500 දෙනකු මරණ දඬුවම ස්ථිර වූවන් වන අතර, තවත් 900ක් එම මරණ දඬුවමට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර ඇතැයි ද දැනගන්නට තිබේ. ජීවිතාන්ත සිර දඬුවම් විඳින්නන් 400ක්ද එම දඬුවමට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර ඇති 135ක්ද වෙති.
වැලිකඩ බන්ධනාගාරයේ පවතින අධික තදබදය හේතුවෙන් එම සිරකරුවන් අතරින් පිරිසක් මහර, දුම්බර, බූස්ස හා අඟුණකොලපැලැස්ස ආරක්ෂිත බන්ධනාගාර වෙත මාරුකර යවා ඇතැයිද වාර්තා වේ.