2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

මැතිසබය හෙට විසුරුවයි

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 185

I දේශපාලන වාර්තාකරු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව හෙට රාත්‍රියේ විසුරුවා හැරීම සිදුකෙරෙනු ඇතැයි දේශයට වාර්තා වෙයි.

වත්මන් පාර්ලිමේන්තුවට වසර 4 ½ක් සම්පූර්ණ වන්නේ අද දිනයටයි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) උප වගන්තිය ප්‍රකාරව මැතිසබය විසුරුවීම සිදුකෙරේ. එම විසුරුවා හැරීමේ ප්‍රකාශය මගින් මහ මැතිවරණ දිනය සහ අභිනව පාර්ලිමේන්තුව කැඳවන දිනයද ජනාධිපතිවරයා විසින් නියම කළ යුතුය.

දේශයට ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනුව හෙට විසුරුවා හැරෙන පාර්ලිමේන්තුව වෙනුවෙන් නව මන්ත්‍රින් තෝරා පත්කර ගැනෙන මහ මැතිවරණය අප්‍රේල් මස 25දා පැවැත්වීමට ඉඩ ඇතැයි පැවසේ.

 

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:01