දේශපාලන වාර්තාකරුl
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ සියලුම නායකයන් ඉදිරි මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය සන්ධානයෙන් මහ මැතිවරණයට තරග කිරීමට තීන්දු කළ බව එහි මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට පැවසීය.
සිකුරාදා සවස රැස්වූ පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩලයේදී මෙම තීන්දුව ගත් බව මහලේකම්වරයා සඳහන් කළේය. ඒ අනුව අද (ඉරිදා) පක්ෂයේ ලාංඡනය කුමක්ද යන්න තීන්දු කළ හැකි බව පැවසූ මද්දුමබණ්ඩාර මහතා එය ප්‍රකාශයට පත්කරනු ලබන්නේ මැතිසබය විසුරැවා හැරීමෙන් පසුව බවද කීය.
මහ මැතිවරණයේ අපේක්ෂකයන් තේරීම සඳහා වන නාමයෝජනා මණ්ඩලය තුළ රනිල් සජිත් පාර්ශ්ව දෙකම නියෝජනය වන අතර සාකච්ඡා මගින් සෙසු හවුල්කාර පක්ෂවලට ලබාදෙන අපේක්ෂක සංඛ්‍යාව තීන්දු කරන වගද ප්‍රකාශ කළේය.