2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

ජී. එල් - සාගර - අලිසබ්‍රි පොහොට්ටු ජාතික ලැයිස්තුවේ

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 208

I දේශපාලන වාර්තාකරු

ශ්‍රී ලංකා පොදුජන නිදහස් පොදුජන සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ ජ්‍යෙෂ්ඨයන් කළ යෝජනාව ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ. 

තමන් ගැන කවර විවේචන තිබුණද තමන් මැතිසබයට එන්නේ මහජන වරමින් බව ඔහු කියා ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග කියයි.

ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජාතික ලැයිස්තුව සැකසීමද බොහෝදුරට හමාර වී ඇති නමුත් එහි තොරතුරු රහසිගතව තබාගෙන තිබේ.

එහෙත් අප වෙත ලැබෙන තහවුරු නොකළ ආරංචි මාර්ග අනුව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජාතික ලැයිස්තුව සඳහා මහාචාර්ය ජී.එල්. පීරිස්, නීතිඥ සාගර කාරියවසම්, ජනාධිපති නීතිඥ අලිසබ්‍රි, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ගෙවිඳු කුමාරණතුංග, විමල් ගීගනගේ ආදීන්ගේ නම් යෝජනා වී තිබේ. එසේම වියත්මග සංවිධානයේ සාමාජිකයන් දෙදෙනකු ශ්‍රීලනිපයෙන් නම්කරන දෙදෙනකු සහ සුළු පක්ෂවලට මන්ත්‍රී ධුර හතරක් ආදී වශයෙන් ජාතික ලැයිස්තුව පිළියෙළ කෙරෙනු ඇතැයි සඳහන්ය. මෙයට අමතරව අවසන් ඡන්ද ප්‍රතිඵලය අනුව පත්වන නිශ්චිත ජාතික ලැයිස්තු මන්ත්‍රී ගණන ප්‍රකාශ වූ වහාම ඇතිවන පුරප්පාඩු සඳහා පොරොත්තු ලේඛනයක්ද සකස්කර තිබේ.