2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

දිනන පරදින අපේක්ෂකයන් කවුද? රහසිගත මත විමසුමක්

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 950

දේශපාලන වාර්තාකරු l

ඉදිරි මහ මැතිවරණයේ දී ඒ ඒ දිස්ත්‍රික්කවලින් ප්‍රධාන පක්ෂවලට ලැබෙන ආසන ගණන මෙන්ම දිනන පරදින මැති ඇමැතින් කවුද යන්න දැනගැනීමට පූර්ව ජනමත සමීක්ෂණ දෙකක් ප්‍රධාන පක්ෂවලින් පැවැත්වීමට යන බව දේශයට වාර්තා වෙයි.

මේ අනුව දැනටමත් දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව සිටින එ.ජා.පයේ සජිත් හිතවාදී කණ්ඩායම බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙක පදනම් කරගෙන රහසිගත සමීක්ෂණයක් පවත්වා තිබේ. එම සමීක්ෂණය මගින් විමසා තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් තරග කළහොත් එ.ජා.ප. සන්ධානයට ලැබෙන මන්ත්‍රී ආසන ගණන සහ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් තරග කළහොත් එ.ජා.ප.යට ලැබෙන මන්ත්‍රී ආසන ගණන සම්බන්ධයෙනි. එහි ගම්පහ දිස්ත්‍රික්කයට අදාළ තොරතුරු දැනටමත් ලැබී ඇතත් එය ප්‍රකාශ නොකරන බව මේ පිළිබඳව දේශයට අදහස් දැක්වූ එ.ජා.ප. ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ද මේ ආකාරයටම අදියර තුනක් යටතේ සමීක්ෂණ පැවැත්වීමට සැලසුම් කර තිබේ. ආරම්භක මත විමසුම අද හෙටම දීපව්‍යාප්ත මට්ටමින් පැවැත්වෙයි. පක්ෂයේ ඡන්ද පදනම මෙන්ම ජනප්‍රිය චරිත හඳුනාගැනීම සමීක්ෂණයේ අරමුණ බව දැනගන්නට ඇත.

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:01