I දේශපාලන වාර්තාකරු
2016 වසරේ පැවති ජනාධිපතිවරණයේ වියදම් පියවීම සඳහාත් මේ වසරේ පැවැත්වෙන මහමැතිවරණයේ අත්තිකාරම් සඳහාත් මැතිවරණ කොමිසමට රුපියල් මිලියන 1188ක් ගෙවීමට ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.
මෙම මුදලින් කොටසක් දැනටමත් නිදහස් කිරීමට පියවර ගෙන ඇති අතර මැතිසබයට ඉදිරිපත් කළ ප්‍රතිපාදන සපයාගැනීමේ යෝජනාව මගින් ඉතිරි මුදල් සපයාගන්නා බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
පසුගිය ජනාධිපතිවරණයට ඇස්තමේන්තු කළ මුදලට අමතරව රුපියල් මිලියන 400ක් ජනාධිපතිවරණය සඳහා වැයවී ඇති බැවින් එම මුදල ද සමඟ ඉතිරි රාජ්‍ය වියදම් සඳහා ඉදිරියේදී තවත් මූල්‍ය ප්‍රතිපාදන අවශ්‍ය කෙරේ. පාර්ලිමේන්තුව විසුරැවා හැරි පසු රජයේ එදිනෙදා වියදම් පියවීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන සැපයීමේ බලය ජනාධිපතිවරයාට හිමිවෙයි.