2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

ආණ්ඩුවට එරෙහිව මහසෝනා එක්ක වුණත් එකතු වෙනවා - පා. මන්ත්‍රී කුමාර වෙල්ගම

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 36

I ගයාන් ගාල්ලගේ

වර්තමාන ආණ්ඩුවට විරුද්ධව තමන් මහසෝනා සමඟ වුවද එකතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා දේශයට පැවසීය.

ඒ සඳහා නායකත්වය ගැනීමට තමන්ගේ මූලිකත්වයෙන් නව සන්ධානයක් ගොඩනගන බවද ඒ මහතා වැඩිදුරටත් කීය. පොහොට්ටුවට අකැමැති ශ්‍රීලනිප සාමාජිකයන් සඳහා තමන් ඒ හරහා නායකත්වය ලබාදෙන බවද සඳහන් කළේය. එක්සත් ජාතික පෙරමුණ මූලිකත්වයෙන් ආරම්භ කළ නව සන්ධානයට එක්වනවාද යන්න විමසනු ලැබූ අවස්ථාවේ ඒ මහතා මෙසේ පැවසීය.