
දේශපාලන වාර්තාකරු l
ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් නව දෙනකු සඳහා නව වාහන මිලදී ගැනීමට රුපියල් තිස්හත් කෝටි දසලක්ෂ අනූහත් දහසක මුදලක් ඉල්ලා පාර්ලිමේන්තු පරිපූරක ඇස්තමේන්තුවක් පසුගිය සිකුරාදා (24) ඉදිරිපත් කෙරිණි.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසින් මෙය ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත් මීට පෙර අමාත්‍යවරැන් 12 දෙනකු සඳහා වාහන මිලදී ගැනීමටද මෙවැනිම පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කෙරිණි.