
| ගයාන් ගාල්ලගේ
පළාත් පාලන මැතිවරණය ඇතුළු මැතිවරණ කල්යෑම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා විසින් විශේෂ ප්රකාශයක් සිදුකිරීමට නියමිතව ඇතැයි එම කොමිසමේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
මෙම විශේෂ ප්රකාශය ලබන 31 වැනිදාට පෙර සිදුකිරීමට නියමිතව ඇති බවත් විශේෂයෙන් මැතිවරණය කල්යාම පිළිබඳව රටේ ජනතාව නොදන්නා රහස් කිහිපයක් හෙළි කිරීමට නියමිතව ඇති බවත් දැනගන්නට තිබේ.
මෙම ප්රකාශය නිකුත් කරනු ලබන්නේ ලබන 29 වැනිදා පක්ෂ ලේකම්වරුන්ගේ රැස්වීමෙන් පසුව කොමිසම රැස්ව එළඹෙන තීන්දුවෙන් අනතුරුව බවත් සඳහන්වේ.