I දේශපාලන වාර්තාකරු
ඉදිරි මහ මැතිවරණය සඳහා පොදු ලකුණකින් සහ එක් පක්ෂයකින් තරග කිරීමට එජාපයේ රනිල් හා සජිත් පාර්ශ්ව එකඟතාවක් ඇතිකරගත් බව සමගි ජන බලවේගයේ මහලේකම් මන්ත්‍රී රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට කීය.
මෙම එකඟතාවට පත්වූයේ සිකුරාදා සවස සිරිකොතදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් විසින් පවත්වන ලද සාකච්ඡාවකදීය. ඒ සඳහා රන්ජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, ජෝන් අමරතුංග, ලක්ෂ්මන් කිරිඇල්ල, මංගල සමරවීර, චන්ද්‍රානි බණ්ඩාර යන මන්ත්‍රීවරුන් එක්වූහ.
එ.ජා.ප.ය දෙකඩ නොකර මහ මැතිවරණයට තරග කළ යුතු පොදු ලකුණ සහ පක්ෂය තීන්දු කිරීම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු කළ යුතු යැයි දෙපක්ෂය එකඟ වූ බවද රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය. කෙසේ වෙතත් මහ මැතිවරණයට තරග කරන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බවද ඔහු සඳහන් කළේය.