2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

ඡන්ද වැඩි පළාත්වලට ශ්‍රීලනිපයට වැඩි පංගුවක්

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 37

I ගයාන් ගාල්ලගේ

එළඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දිස්ත්‍රික් මට්ටමෙන් ලැබෙන නාම යෝජනා සංඛ්‍යාව වෙනස් වන බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා දේශයට පැවසීය.

පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නිශ්චිත නාම යෝජනා සංඛ්‍යාවක් ප්‍රතිශතයක් වශයෙන් නොලැබෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩිම ජයග්‍රහණයක් අත්කරගත හැකි දිස්ත්‍රික්ක සඳහා වැඩි අවස්ථාවක් ලබාදීමට පොහොට්ටුව එකඟ වී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩි ආසන ප්‍රමාණයක් ජය ගතහැකි උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල නාම යෝජනා සංඛ්‍යාව සෙසු ප්‍රදේශවලට සාපේක්ෂව ඉහළ යා හැකි බවය.