සමන්ත ප්‍රදීප් විල්තෙර l
72 වැනි ජාතික නිදහස් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා (4) දා අභිමානවත් ලෙස නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතය. මෙවර ආචාර පෙළපාලිය සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බළකාය සහ ජාතික ශිෂ්‍ය බට බළකාය නියෝජනය කරමින් හයදහස් හත්සිය අනූ දෙකක භට පිරිසක් සහභාගී වීමට නියමිතය.
ඊට අමතරව යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලීසිය හා විශේෂ කාර්ය බළකාය නියෝජනය කරන සන්නාහ සන්නද්ධ රථ 72ක් යොදවා ගැනේ. එමෙන්ම ආචාර පෙළපාලිය වර්ණවත් කිරීම සඳහා සංස්කෘතික කණ්ඩායම් වෙනුවෙන් සාමාජික සාමාජිකාවන් 475 දෙනකු සහභාගී වෙති.
ආචාර පෙළපාලියේ ප්‍රධාන අණ දෙන නිලධාරී වශයෙන් මේජර් ජෙනරාල් එල්. එම්. මුදලිගේ සහ දෙවැනි අණ දෙන නිලධාරී වශයෙන් බ්‍රිගේඩියර් එච්. ඒ. රණසිංහ කටයුතු කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසීය.
නිදහස් උත්සව දින හා පෙරහුරු පැවැත්වෙන දිනවලදී මාර්ග වසා තැබීම හා ගමනාගමනය සීමා කිරීම සඳහා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.