දේශපාලන වාර්තාකරු l
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් නව දේශපාලන සන්ධානය එක්සත් ජාතික පෙරමුණ නමින් ලබන සතියේ ලියාපදිංචි කරන බව එ.ජා.ප ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය. එහෙත් නව සන්ධානයේ ලාංඡනය ගැන මෙතක් තීන්දුවක් නැත.
කෘත්‍යාධිකාරී මණ්ඩලයදී තීරණය කරගත් පරිදි සජිත් ප්‍රේමදාස මහතාට සන්ධානයේ නායකත්වය ඇතුළුව පවරන බලතල ගැන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ලිපියක් මගින් දැනුම් දී තිබේ. මෙම ලිපිය මගින් රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතාට දන්වා ඇත්තේ රවි කරැණානායකට නව සන්ධානයේ ඉහළ තනතුරක් ලබාදිය යුතු වගයි.
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් නව සන්ධානය ස්ථාපිත කිරීමෙන් පසු එහි ලේකම් ධූරයට රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා පත් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි.
සන්ධානය ලියාපදිංචි කළ වහාම හවුල්කාර පක්ෂ සමඟ සාකච්ඡා කර ඔවුන් හා ගිවිසුම් අත්සන් කිරීමත් සමඟ සජිත් ප්‍රේමදාස මහතා විසින් නාම යෝජනා මණ්ඩලයක් පත් කිරීමටත් නියමිතය.
පසුගියදා එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කළ අජිත් පී. පෙරේරා සරත් ෆොන්සේකා - ඉමිටියාස් බකීර් මාකර් හා රෝසි සේනානායක නැවත කෘත්‍යාධිකාරියට පත්කිරීමට ද රනිල් වික්‍රමසිංහ මහතා එකඟත්වය පළකර ඇතැයි අප වෙත කරුණු දැක්වූ එ.ජා.ප ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේය.
මේ පිළිබඳව සජිත් පිළ නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතාගෙන් අප විමසීමක් කළ විට ඔහු කියා සිටියේ පෙබරවාරි මස 15 වැනිදාට පෙර නව සන්ධානයේ ලකුණ පිළිබඳව තීන්දුවක් ගන්නා බවයි. එසේම නව සන්ධානය පිහිටවූ පසු එයින් පත්වන මන්ත්‍රීවරැන් සන්ධාන මන්ත්‍රීවරුන් මිස එ.ජා.ප මන්ත්‍රීවරුන් නොවන බවද හෙතෙම සඳහන් කළේය.