2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා

සංවර්ධන වැඩවලටත් කොරෝනා බෝවෙලා

 2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 21

ගයාන් ගාල්ලගේ l

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ඇති වී තිබෙන අනියත බිය නිසා චීන ජාතික කම්කරුවන් සේවය කරන දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ සහ තවත් සංවර්ධන ව්‍යාපෘති ගණනාවක වැඩ ඇණහිට ඇතැයි සඳහන් වේ.

ඊට හේතු වී ඇත්තේ චීන ජාතික කම්කරුවන් සමග සේවය කරන එම ව්‍යාපෘතිවල වැඩකරන ශ්‍රි ලාංකික කම්කරුවන් අකමැත්ත පලකිරීම නිසාය.

එසේම කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ගණනාවක පිහිටි චීන ජාතිකයන් භාණ්ඩ මිලදී ගන්නා වෙළෙඳසැල්වලට යාමට දේශීය පාරිභෝගිකයන් බිය වී සිටින බව අප විසින් කරන ලද නිරීක්ෂණ ගණනාවකදී හෙළිදරව් විය.

කෙරෝනා වසංගතය පිළිබඳ නිසි ලෙස දැනුවත්ව නොසිටීම නිසා පැතිර යන අනියත බිය හේතුවෙන් දැනටමත් දේශීය සංචාරක ව්‍යාපාරයද අඩාල වෙමින් පවතී.