I දේශපාලන වාර්තාකරු
පසුගිය කාලයේ නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියා කළ ආකාරය ගැන රජය සහ විපක්ෂය අතර සාකච්ඡාවක් සිදුවෙමින් පවත්නා බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග කියයි.
විවිධ නඩු කටයුතු මෙහෙයවීම, පොලීසියට උපදෙස් නිකුත් කිරීම ඇතුළු තවත් කාරණා ගණනක් මෙම සාකච්ඡාවේදී අවධානයට ලක්කර තිබේ.
පසුගියදා නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාදාමය ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේද අවධානය යොමුව තිබූ අතර එහිදී අධිකරණ විනිසුරුවරුන් සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග ගැන නීතිපතිවරයාගෙන් කරුණු විමසීමක්ද සිදු කෙරිණි.
අප වෙත ලැබෙන ආරංචි අනුව ආණ්ඩුවේ සහ විපක්ෂයේ ඉහළ පෙළේ නායකයන් අතර මෙම කතාබහ නිල නොවන මට්ටමින් දැනටමත් ආරම්භ වී ඇති අතර එහි ඉදිරි පියවර ගැන කිසිවක් වාර්තා නොවේ.