I ව්‍යාපාරික වාර්තාකරු
ගොවි ජනතාවගේ වී මිලදී ගැනීම සඳහා ස්ථාපිත කර තිබෙන වී අලෙවි මණ්ඩලය පසුගිය වසර ගණනාවක් තිස්සේ අධික පාඩුවට පවත්වාගෙන යන බව නවතම විගණන වාර්තා කියයි.
වර්ෂ 2016 දී එහි පාඩුව රුපියල් කෝටි 189කි. 2017 වසරේ පාඩුව රුපියල් කෝටි 45කි. වර්ෂ 2018 පාඩුව රුපියල් කෝටි 118කි. 2019 වසරේ දැනට කරන ලද තාවකාලික ගණනයන් අනුව එහි පාඩුව රුපියල් කෝටි 100ක් පමණ විය හැකි බව එහි ආරංචි මාර්ග පවසයි.
දිවයින පුරා වී ගබඩා 225ක් මණ්ඩලය සතුය. ඒවායේ ගබඩා ධාරිතාව මෙට්‍රික් ටොන් ලක්ෂ තුනකි. නමුත් මෙම ගබඩා අබලන්ව ප්‍රමාණවත් අලුත්වැඩියාවකින් තොරව පවත්වාගෙන යෑම නිසා සැබැවින්ම දැනට මණ්ඩලයේ ගබඩාවල ගබඩා කළ හැක්කේ වී මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණය.