2020 ජනවාරි 25 වන සෙනසුරාදා

පොහොට්ටු නාම යෝජනා ලොක්කා මහාචාර්ය ජී. එල්.

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 24

I දේශපාලන වාර්තාකරු

ඉදිරි මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ නව සන්ධානය නියෝජනය කරමින් මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් නාමයෝජනා මණ්ඩලයක් පත්කර ඇත.

එම නාමයෝජනා මණ්ඩලයේ සභාපති වන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාය. සෙසු සාමාජිකයන් ලෙස හවුල්කාර පක්ෂ සියල්ලේම නායකයන්ද පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ද තෝරා ගැනීමට නියමිතය.

ඉදිරි මාසය තුළ අපේක්ෂකයන් තෝරා ගැනීම හමාර කරන ලෙස මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පක්ෂ නායකයන් නාම යෝජනා කමිටු සභාපතිවරයාට දැනුම් දී තිබේ.