I යසවර්ධන රුද්රිගු
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා රජය ණය ගෙවීමේ සහනයක් සැලසීම නිසා ශ්‍රී ලංකාවේ බැංකු යම් අර්බුදයකට ලක්වීමට ඉඩ ඇති බවට ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂණ ආයතනයක් වන “මූඩිස් ඉන්වෙස්ටර්ස් සර්විසස්” රජයට අනතුරු හඟවයි.
මෙලෙස ණය ගෙවීමට ප්‍රමාද කිරීමට ඉඩදීම නිසා ණය ලබාගත් අය තම ණය ආපසු ගෙවීම සඳහා දක්වන උනන්දුවේ හීනවීමක් සිදුවිය හැකි අතර, ඒ හරහා බැංකු වෙත ලැබෙන පිළිගැනීම අඩුවනු ඇති බවද එම ආයතනය කියයි.
මේ හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල විය හැක්කේ මෙරට පෞද්ගලික බැංකු ක්ෂේත්‍රයට වන අතර, රාජ්‍ය බැංකුවලට එල්ලවිය හැකි බලපෑම සාපේක්ෂව අඩුවෙයි. එසේම මෙලෙස ණය ආපසු ගෙවීමට සහනයක් ලබාදීම කිසි ලෙසකින්වත් රටේ ආර්ථිකය යළි නගා සිටුවීම කෙරෙහි කැපී පෙනෙන දායකත්වයක් ලබා නොදෙන බව මූඩිස් ආයතනයේ අදහස වේ.