2020 ජනවාරි 18 වන සෙනසුරාදා

බඩු මිල බැස්සුවද? පොහොර නිකම් දුන්නාද? - ජවිපෙ මන්ත්‍රී ආණ්ඩුවෙන් අසයි

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 146

I හසිත් අංජන

වත්මන් ආණ්ඩුව ජනාධිපතිවරණයේදී දුන් පොරොන්දු ඉටු කරනවා වෙනුවට එම පොරොන්දු කඩ කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා දේශයට කීය.

රජය මැතිවරණයේ ලබාදුන් පොරොන්දු අතරින් ප්‍රධාන පොරොන්දුවක් වූයේ පොහොර සහනාධාරය ලබාදෙන බවයි. එහෙත් එම පොරොන්දුව මෙතෙක් ඉටුකර නැත. ජනතාවට සහන මිලට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ලබාදෙන බවට ඡන්ද කාලයේ දුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා සහල්, එළවළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අහස උසට නැග ඇති බවත් බිමල් රත්නායක මහතා පවසයි.

විද්වත් කමිටුවක් මගින් රාජ්‍ය සංස්ථාවලට ප්‍රධානීන් පත්කරන බව මුලින් ප්‍රකාශ කළද සුදුසුකම් නොමැති තැනැත්තන් නීති විරෝධී ක්‍රියාවලට හවුල් වූවන් සහ ප්‍රබල දේශපාලන පවුල්වල ඥාති හිතමිත්‍රාදීන් එම තනතුරුවලට පත්කර ඇති බැවින් එමගින් රජය බලාපොරොත්තු වන සෞභ්‍යාගයේ දැක්ම ඉටුවනවාද යන්න  ප්‍රශ්නයක් වන බව මෙහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:01