2020 ජනවාරි 18 වන සෙනසුරාදා

අක්කර තිස්තුන්දාහයි පාඩුව පනස් කෝටියයි

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 32

I ව්‍යාපාරික වාර්තාකරු

ඉඩම් අක්කර 33000 (තිස්තුන්දහසක්) අයත් වන ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය වාර්ෂිකව රුපියල් මිලියන 500ක් (කෝටි 50ක්) පමණ පාඩු ලබමින් පවත්වාගෙන යන බව දේශයට වාර්තා වෙයි.මෙම ආයතනයේ විගණන වාර්තා අනුව වසර 2016 එහි පාඩුව රුපියල් මිලියන 402කි. වසර 2018දී පාඩුව රුපියල් මිලියන 500කි. 

2019 වසරේ දැනට ගණන් බලා ඇති ආකාරයට ඔක්තෝබර් මාසය දක්වා පාඩුව රුපියල් මිලියන 365කි. මේ ආකාරයට ආයතනය පාඩු ලබන විට එය පවත්වාගෙන යාම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් සපයා දිය යුතුය.
විශාල ඉඩකඩම් හා වත්කම් සහිතව පාඩු ලබන මෙම ආයතනයේ සේවක සංඛ්‍යාව 1700 ඉක්මවයි. එයින් ස්ථිර සේවක සංඛ්‍යාව 570කි. තාවකාලික සේවක සංඛ්‍යාව 1200කි.