2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

බදු සහනයෙන් ආයතන රැසකට ගජවාසි

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 31

I ව්‍යාපාරික වාර්තාකරු

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ලබාදුන් විවිධ බදු සහන හේතුවෙන් රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම ආයතන හා ව්‍යාපාර සමාගම්වලට රුපියල් කෝටි 11,100ක මුදලක් ඉතිරි වී ඇතැයි රජය ගණන් බලා තිබේ. මෙය රුපියල් බිලියනවලින් නම් 111කි.

බදු සහනවලින් වැඩිම ප්‍රතිලාභ ලබා ඇත්තේ රාජ්‍ය පෞද්ගලික බැංකු සහ මූල්‍ය සමාගම්ය. ඒ අයගේ අපේක්ෂිත වියදම්වලින් බදු සහන නිසා ඉතිරි වූ මුදල රුපියල් කෝටි 3900කි. (රුපියල් බිලියන 39කි) මේ හැර විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ටෙලිකොම් ආයතනය, ඖෂධ සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතනද විශාල ලෙස මූල්‍ය ප්‍රතිලාභ ලැබීය.

මේ හැර පෞද්ගලික අංශයේ සමාගම් සියල්ලටද බදු අඩු කිරීමේ වාසිය ලැබී ඇති අතර ඒවා පිළිබඳ රජය දැනට ගණනය කිරීමක් සිදුකරමින් සිටින බව දේශයට වාර්තා වෙයි.

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:01