
නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන වංචා දූෂණ විමර්ශනයන්ට හා වෙනත් ආන්දෝලනාත්මක කාරණාවලට අදාළ නඩු මෙහෙයවන රජයේ නීතිඥයන්ට එල්ලවන විවේචන නිසා තමන් දැඩි පීඩාවට පත්වන බව රජයේ නීති විශාරදයන් පිරිසක් නීතිපතිවරයාට දැනුම් දී තිබේ.
මෙවැනි සිදුවීම් නිසා තමන්ට සිදුවන පෞද්ගලික පීඩාවට අමතරව අධිකරණයේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීන බවට ඉන් හානි සිදුවන්නේ යැයිද මෙම නීතිඥ පිරිස දැඩිලෙස අවධාරණය කර තිබේ.
මෙම පැමිණිලල්ල විමසා බැලූ නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා රජයේ නීතිඥයන් සම්බන්ධයෙන් පළ වූ ඇතැම් මාධ්‍ය වාර්තා ගැන දැනටමත් මත විමසුමක් කරමින් සිටින වග දැනගන්නට ඇත.