2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

මහ ඡන්දෙට සජිත් පිල වෙනම හවුලකින්?

 2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 535

I දේශපාලන වාර්තාකරු

එ.ජා.ප. නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා නොදෙන්නේ නම් පක්ෂයෙන් ඉවත් නොවී සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් වෙනම සන්ධානයකින් මැතිවරණයට තරග කිරීම ගැන පක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් සාකච්ඡාවක් ආරම්භ කළ බව එ.ජා.ප. ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.

මෙම සන්ධානය සඳහා පක්ෂයේ පසුපෙළ හා ඉදිරිපෙළ නියෝජනය කරන සජිත් හිතවාදී මන්ත්‍රීන්ගේ මෙන්ම ජනතාවගේ පිළිගැනීමට ලක්ව සිටින සුළු ජාතික පක්ෂ ගණනාවකගේ සහාය ලැබෙන බවට දැනටමත් ප්‍රතිඥා ලැබී ඇතැයිද අප වෙත කරුණු දැක්වූ ප්‍රකාශකයා කීය.

දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන එ.ජා.ප. මන්ත්‍රීන්ගේ සංඛ්‍යාව 78 ක් බවත් ඔවුන්ගෙන් බහුතරය සජිත්ට සහාය දෙන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් අනාවරණය කළේය. පක්ෂයේ බහුතර මන්ත්‍රීන්ගේ ඉල්ලීමට ජ්‍යෙෂ්ඨයන් සාර්ථක ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා මෙම තීරණය ගැනීම හැර විකල්පයක් නැතැයි ද ඔහු වැඩිදුරටත් කීය.