2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

1 වැනිදා සිට පාන් - බනිස් මිල බසී

 2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 35

යසවර්ධන රුද්රිගු l

තිරිඟු පිටිවල රේගු බදු අඩුකිරීමේ වාසිය ජනතාවට ලබාදෙමින් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ලබන වසරේ ජනවාරි 01දා නියත වශයෙන්ම අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ. ජයවර්ධන දේශයට පැවසීය.

තවමත් පාන් ඇතුළු පිටි කෑම වර්ගවල මිල බොහෝ බේකරිවල අඩුකර නැති බවට කළ විමසීමකදී ඔහු පැවසුවේ තමා එය පිළිගන්නා අතර බේකරි හිමියන් තරයේ දැනුවත් කර ග්‍රෑම් 450 පාන් ගෙඩියක් රැපියල් 10කින් සහ බනිස් ඇතුළු කෙටි කෑම වර්ග රුපියල් 5කින් අඩු කිරීමට පියවර ගන්නා බවය.